Archives: ජූලි 2019

ජයග්‍රාහී පෙරහැර

2016 හි චිකාගෝ බේස්බෝල් කණ්ඩායම වසර සියයකට පසුව ලෝක තරඟාවලිය ජයගත් විට සමහර මූලාශ්‍රවලට අනුව එම ජයග්‍රහණය සැමරීමට මිලියන පහක් පමණ සෙනග පෙරහැරට එකතු වූන අතර නගර මධ්‍යයෙහි රැළියකටද ඔව්හු සහභාගී වූහ.

ජයග්‍රාහී රැළි නූතන සොයා ගැනීමක් නොවේ. ප්‍රසිද්ධ පුරාණ පෙරහැරක් නම් රෝමානු සැමරීමයි. ජයග්‍රාහී හමුදාපතීන් සෙනග පිරි මාර්ගවල තම හමුදා සහ සිරකරුවන් පෙරහැරේ ගෙන ගියෝය.

කොරින්ති සභාවට ලියන විට…

අගනා

මගේ අගනා.... එම කථාව ටොල්කින්ගේ ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් කථාවේ පළමුවෙන් ප්‍රදර්ශනය කෙරුණි. ගොලම් නැමැති වැහැරුණ රූපය සහ ඔහුගේ බලය ඇති “වටිනා මුද්ද” කෑදරකමේ දැඩි ආශාවේ සහ වියරුවේ වත්මන් සංකේතයක් වී ඇත්තේය.

එසේම එය කරදරකාරී සම්බන්ධතාවයෙහි රූපකයකි. මුද්ද සමග ඇති කර ගෙන තිබෙන ප්‍රේම-වෛර සම්බන්ධය පෙන්නුම් කරන්නේ අපගේ සිත්වල ඇති පිපාසයයි. එය එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කළද නැතිනම් තව…

උගුලෙන් පිටතට

වීනස් බාඳුරා මල පළමුවෙන් සොයගනු ලැබුවේ අප නිවසට නුදුරින් උතුරු කැරොලිනාවේ තෙත් වැලි පළාතකය. මේ පැළ දස බලා සිටීම මනහරය. ඒවා මාංශ භක්‍ෂිකය.

වීනස් බාඳුරා මල් මිහිරි සුවඳක් දෙන ද්‍රාවයක් නිකුත් කරයි. ඒවා විවෘත මල් මෙන් සෑදුණු අලංකාර උගුල්ය. කෘමියෙකු ඒ තුලට රිංගූ විට මල වටා තිබෙන සංවේදී ඉන්ද්‍රියන්ට එය දැනේ. තත්පරයකටත් අඩු කාලයකින් උගුල වැසේ. ටික වේලාවකින් ශ්‍රාවයක් නිකුත්…

ජීවමාන වර්ණවලින්

සෙලීනා නැන්දා තම දසවන උපන් දිනයට තෑග්ගක් ලෙස එවූ උපැස් යුවළ පැළඳ ගත් විට සේවියර් මැකූරි කඳුළු සැළීය. ඔහු උත්පත්තියෙන්ම වර්ණවලට අන්ධ වුනි. සේවියර් ලෝකය දැක තිබුණේ අළු, සුදු සහ කළු වර්ණ වලින් පමණී. ඔහුගේ අලුත් “එන්ක්‍රෝමා” කණ්නාඩිය නිසා ඔහු ප්‍රථම වරට වර්ණ දිටීය. ඔහු අවට තිබු වර්ණ දැක ඔහු තුළ ඇතිවූ අමන්දානන්දය ඔහුගේ පවුලේ අයට හාස්කමක් දුටුවාක් මෙන් විය.…

දෙවියන්වහන්සේට අලංකාරය

ඩෙනිස් තම ප්‍රේමවන්තයා සමග ප්‍රේමයෙන් වෙලී සිටින කාලයේ ඇය මහත අඩු කිරීමටද අලංකාර ලෙස ඇඳීමටද උත්සාහ කළාය. ඇය සිතුවේ තමා එලෙස කිරීමෙන් ඔහු තමාට වඩාත් ආකර්ෂණය වනු ඇතැයි කියාය. සාමාන්‍යයෙන් කාන්තා සඟරා පෙන්වන්නේ එයයි. ඔහුගේ නියම සිතුවිලි තේරුම් ගැනීමට ඇයට බොහෝ කාලයක් ගත විය. “ඔබ මහතට ඉන්න කාලෙත් මම ඔබට ප්‍රේම කළා. ඔබගේ ඇඳුම් ගැන මම වැඩිය සිතුවේ නැහැ” ඔහු…